දෙදෙනෙකුට මරු කැඳවූ මහරගම නිවසට ගිනිතැබූ පුද්ගලයාත් මියයයි .

ඊයේ මහරගම ප්‍රදේශයේ දෙමහල් නිවසක් ගිනිගැනීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය ගණන තුන දක්වා ඉහළ ගොස් අතිබව පොලිස් ආරංචිමාර්ග පවසයි .

මෙලෙස මියගොස් අත්තේ එම නිවසේ උඩුමහළේ කුළියට සිටි මවක් සහ දියණියකි . මියගිය කාන්තාවගේ සැමියා සහ නිවසේ හිමිකරු බරපතල තුවාල සහිතව රෝහල් ගතකර ඇත. නිවසේ හිමිකරු අද දිනයේ මියගොස් ඇතිබව පොලිසිය පවසයි .

පොලීසිය පැවසනුයේ මෙම ගිනි තැබීම නිවසේ හිමිකරු විසින් සිදුකර ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බවය. අපරාධය සිදුවූ ස්ථානයේ පෙට්‍රල් ගඳ වහනය වි ඇති අතර විමර්ශනයේදි මෙය නිවසට ගිනිතබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට අනාවරණය වූ බව පොලීසිය පැවසීය.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහරගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරති.