විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව ජල ගාස්තු ද සංශෝධනය කිරීමට සිදුවන බව ජලසම්පාදන දෙපාඅර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසයි . ඒ අනුව, ජල ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් වන අවසන් සමාලෝචනය එළඹෙන ජූනි මස 30 වැනිදා සිදු කිරීමට නියමිතය.
මෑතකදී සිදු වූ විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ ජල සැපයුම් පිරිවැය ඉහළ යාම මෙලෙස මිල සංශෝධනයකට මුල් වී ඇත.
සාමාන්‍ය ක්‍රමවේදය අනුව ජල ගාස්තු සංශෝධනය වසරකට දෙවතාවක් සිදු කරනු ලබයි . එ අනුව වසරේ දෙවන කාර්තුවේ මිල සංශෝධනය ජූනි මස අවසානයට යෙදී තිබේ. මිල ගණන් සංශෝධනයට අදාල වැඩි විස්තර ජූනි 30 වනදාට පසුව නිවේදනය කිරීමට නියමිතය .