කර් එකක පහක් ගියහොත් නඩු . පොලිසියේ ප්‍රකාශයෙන් රට කැළබේ.

අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල සියලුම මගීන් ආසන පටි පැළඳීම සම්බන්ධ නීතිය පසුගිය 20 වැනිදා සිට දැඩිව ක්‍රියාත්මක කළ බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ.සේනාධීර පැවසීය .

ඔහු මෙම අදහස් පල කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර ප්‍රදේශයේදී මාතර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් ඇතුළු වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් අද (21) උදෑසන සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරයි.

ඒ අනුව, ආසන පටි නොමැති වාහන කිහිපයක් අධිවේගී මාර්ගයට ඇතුළුවීම වැළැක්වීමට හරවා යැවීමට සිදුවූ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා.

පසුපස ආසනයේ මගීන් සඳහාද ආසන පටි පැළඳිම අනිවාර්ය බවත්, පසුපස ආසනයේ මැද පුද්ගලයෙකු ආසන පටිය නොපැළඳ ගමන් කරන්නේ නම්, එම මගියාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ.සේනාධීර පැවසීය .