දූෂණ චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරු විසින් ගොනු කර ඇති මෝසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවන ලදි .
එහිදී එම ඉල්ලීල සම්බන්ධයෙන් සිය ස්ථාවරය ලබන 12 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (05) අල්ලස් කොමිසමට නියෝග කරන ලදි .