ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා අද අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ . බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුණෑගල බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව වාර්තා වෙයි .
අදාළ ටෙන්ඩරය ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30ක්ද, එය ලැබුන පසු මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් ඉල්ලා නියෝජ්‍ය නගරාධිපතිවරයා ඉල්ලා ඇත . ඒ අනුව ටෙන්ඩරය ලබාදීමට සඳහා රුපියල් ලක්ෂ 30ක මුදල ලබාගැනීමට යෑමේදී නියෝජ්‍ය නගරාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. ඔහු හෙට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් මොහු කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වූ මොහු කුරුණෑගල මහනගර සභාවේ බලය පිහිටුවීමේදී ජාතික ජන බලවේගයට ලබාදී එහි නියෝජ්‍ය නගරාධිපති ධූරය ලබාගත්තේය .