ඕලන්ද නෞකාවේ පැතිරෙන්නේ මාරාන්තික හන්ටා වෛරසය බව තහවුරු වෙයි .

අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරමින් තිබූ ‘එම්.වී. හොන්ඩියස්’ නම් සංචාරක නෞකාවක පැතිර ගිය වෛරසය හන්ටා වෛරසය (Hantavirus) බවට ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත .

අප්‍රේල් 1 වන දා ආර්ජන්ටිනාවෙන් ගමන් ආරම්භ කළ එම්.වී. හොන්ඩියස් නෞකාවේ සිටි පුද්ගලයින් හත් දෙනෙකු වෛරසයට ගොදුරු වී ඇති අතර, ඉන් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවෙයි .

ආර්ජන්ටිනාවේ උෂුවායා හිදී කුරුල්ලන් නැරඹීමට ගිය ලන්දේසි යුවළක් මගින් මෙම වෛරසය නය්කාවට පැමිනෙන්නට ඇතැයි විශ්වාස කෙ‍රේ . එම ප්‍රදේශයේ කුණු කසළ බැහැර කරන ස්ථානයකදී වෛරසය ආසාදනය වූ මීයන් ඇසුරෙන් එම යුවළට මේ රෝගය බෝ වන්නට බලධාරීන් සැක පළ කරයි. හන්ටා වෛරසයේ ස්වභාවය මීයන්ගේ මුත්‍රා, මළපහ හෝ කෙළ සමඟ ස්පර්ශ වීමෙන් මෙම වෛරසය මිනිසාට බෝ වේ.

‘එම්.වී. හොන්ඩියස්’ නෞකාවේ පැතිර යන්නේ ආර්ජන්ටිනාවේ සහ චිලී රාජ්‍යයේ බහුලව දක්නට ලැබෙන ‘ඇන්ඩීස් ප්‍රභේදය’ බව හඳුනාගෙන ඇත. විශේෂත්වය වන්නේ හන්ටා වෛරස ප්‍රභේද අතරින් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය විය හැකි එකම ප්‍රභේදය මෙය වීමයි. මෙම වෛරසය ආසාදනය වූවන්ගේ මරණ අනුපාතය 40% ක් තරම් ඉහළ අගයක් ගනී.

වත්මන් තත්ත්වය නෞකාව මේ වන විට කැනරි දූපත් වෙත යාත්‍රා කිරීමට අවසර ලබා දී ඇති අතර, අසාධ්‍ය වූවන් කේප් වර්ඩ් හිදී ගොඩබිමට රැගෙන විත් වැඩිදුර ප්‍රතිකාර සඳහා නෙදර්ලන්තය වෙත යොමු කර ඇත. නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව 149 දෙනෙකු සිටින අතර, රෝග ලක්ෂණ නොපෙන්වන පිරිස නෞකාව ගොඩබෑමෙන් පසු සිය රටවල් වෙත යැවීමට නියමිතය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසුස් ප්‍රකාශ කර ඇත්තේ මෙම වෛරසය කොවිඩ්-19 මෙන් වේගයෙන් ව්‍යාප්ත නොවන බැවින් ලෝකයට ඇති අවදානම දැනට අවම මට්ටමක පවතින බවයි