ඊයේ සිදුකළ ඉන්ධන මිල ඉහළ දැමීම නිසා බස් ගාස්තු වැඩි කරන්නෙ නෑ .

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයේදී සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින්ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20 කින්ද ඉහළ දමනා ලද මුත් එම මිල ඉහළ දැමීම නිසා , බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිසම (NTC) ප්‍රකාශ කළේය .

කෙසේ වෙතත් මේ කරුණ ගැන අදහස් දක්වන ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනුයේ ඊයේ සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් 5% ක බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බවයි .

වැඩි දුරටත් අදහස් දක්වමින් එම සංගමයේ එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනුයේ 5% කින් පස් ගාස්තුව සංශෝධනය කරනා ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරනා ලද බව යි . එමෙන්ම මෙම මිල සංශෝධනය ජූලි මාසයේ සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට පෙර ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පවසයි .

ඒ අනුව ලබන මස දෙවෙනිදා සිට බලපැවැත්වෙන පරිදි 5% ගාස්තු වැඩිවීමක් බස් හිමියෝ ඉල්ල සිටිනා බව ඔහු සඳහන් කළේය .