ඇමරිකාවේ වෙඩිතැබීම් මාලාවකින් මරණ 6 ක්

අමෙරිකාවේ සිදුවූ වෙඩිතැබීම් මාලාවකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් ඇතිබව වාර්තා වේ .

ඉලිනොයිස් ප්‍රාන්තයට මායිම්ව, අයෝවා ප්‍රාන්තයේ Muscatine වරාය නගරයේ ස්ථාන කිහිපයක සිදු වූ වෙඩි තැබීම් මාලාවකින් මෙම පුද්ගල මරණ සිදුව ඇතිබව බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු ද වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීම් මාලාව සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී මෙය පවුල් ආරවුලක් මත හටගත් එකක් බවට අනාවරණය වී ඇති බව එරට පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරයි .