වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක අභිබවා යාමට උනන්දු වීම මේ වන විට බදු පරිපාලනය සහ සාපරාධි ක්‍රියා අතර සම්බන්ධතාවයක් ඇති වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ බදු පරිපාලනය සම්බන්ධ විශේෂඥවරුන් සහ ව්‍යාපාරිකයින් ඇතුළු ක්ෂේත්රයට සම්බන්ධ සෙසු පාර්ශ්වකරුවන් සමග පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පැවසුවේ මේ හේතුවෙන් රජයට කිසියම් පාර්ශ්වයක් අමතක වීම, රෝගී වීමක්, විදේශගතවීමක් වැනි කරුණු නිසා හිතාමතා සිදු නොකරන ක්රියාවම් නිසා සිදුවනබදු පහර හැරීම බදු පරිපාලන කොන්දේසි ඉටු නොකිරීමක් ලෙස සලකා බදු පරිපාලනයක් ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බවය.
මෙය මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් බවත් සිරගත කිරීම යන තර්ජනය හරහා බදු එකතු කිරීම ප්රජාතන්ත්ර විරෝධි ක්‍රියාවන් කිරීමට රජය සූදානම් වෙමින් සිටින බවද විපක්ෂ නායකවරයා පැවසීය .
මෙම ක්‍රියාව ප්රජාතන්ත්රවාදයට විරුද්ධ වීමත්, මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව භීතියකට නැංවීමක් බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා මේ තුළින් නව ව්‍යාපාර බිහිවීම හා නව ව්‍යාපාර ව්‍යාප්ත කිරීමත් රැකියා උත්පාදනය සඳහා බරපතල ලෙස බලපෑමක් සිදුවන බවද සඳහන් කළේය.
එමෙන්ම මෙම ක්‍රියාව තුළින රජය අධිකරණ බලය පවා අභියෝගයට ලක් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංගනය කිරීමක් සිදුකරන බවත් සංවරණ හා තුලන සංකල්පය සහ ප්‍රධාන ප්රජාතන්ත්රවාදී ආයත තුන වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණයේ බලය බෙදීම පවා මෙමගින් උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
.