හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ෂණසමට කොමිසමට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මීට දහවල් 12 ට පමණ ඉන් පිටව ගියේය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් අනුව ඔහු අද උදෑසන අල්ලස් කොමිසම හමුවට පැමිණියේය.

හිටපු ජනාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණීමත් සමග ඔහුට සහය පලකරමින් ආධාර කරුවන් එම ස්ථානයට පැමිණ තිබුනි. ඒ අතර හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ පාක්ෂිකයින් රැසක් වූ බව අප වාර්ත කරුවෝ පවසති .

පැය 2 කට වැඩි කාලයක් කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉන් පිටව යන ලදි .

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වූණි. ඊට අදාලව පසු අවස්‍ථාවක අත්අඩංගුවට ගත් හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ඇප මත මුදාහැරීමෙන් පසු සැක සහිත ලෙස මීට දින කිහිපයකට පෙර මිය යන ලදි.

එයාර් බස් සමාගම සිය ගුවන් යානා අලවියේදී අල්ලස් ලබාදෙන බවට මුලින්ම අනාවරණය වූයේ බ්‍රිතාන්‍යයේ විභාගවූ නඩුවකදීය. එම සමාගම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20 කට අල්ලස් ලබාදී තිබූ බව එම නඩුවේදී අනවරණය විය .