හරීන්ගේ කථාවට විමල්ගේ විරෝධය

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පසුගියදා ඉන්දියාවේ කළ සංචාරයකදි “ලංකාව ඉන්දියාවේ කොටසක්!” යන බරපතළ ප්‍රකාශය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂවරුන්, සහ විපක්‍ෂ නායකවරයා ඇතුළු විපක්ෂ කණ්ඩායම් නිහඬව සිටීම හෙළදකිනා බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය .

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙ බව සඳහන් කළේය .

“පසුගියදා ඉන්දියාවේදී සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා, ‘ලංකාව ඉන්දියාවේ කොටසක්!’ කියා. ඉන්දියාව තුළ රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකදී ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙකු ‘ලංකාව ඉන්දියාවේ කොටසක්!’ යැයි පැවසීම බරපතළ ප්‍රකාශයක්. නිවට, නියාලු විදියට මෝඩ හිනාවකුත් දාගෙන, මේ ප්‍රකාශය පමණක් නොවෙයි, ‘අපේ ගුවන්තොටුපළවල්, වරායවල් ආදී සියල්ලම අපි ඉන්දියාවට දෙනවා’ කියන එකයි එහිදී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ.” විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසීය.