”රට විනාස කරපු ඝෝඨා බලයට ගෙන විත් පුතානෝ එක්ක දේශපාලනය කළ කාදිනල් උන්නාන්සේ අපේ ලෙල්ලම පවාරා ගත්තා”

මීගමුව පිටිපන ලෙල්ලම, කොළඹ අගරදගුරු පදවියට පවරා ගැනීමට එරෙහිව ධීවරයන් පිරිසක් අගරදගුරු නිවස ඉදිරිපිට අද විරෝධය දක්වූහ.

අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපානන් විසින් අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේ මිගමුව පිටිපන ලෙල්ලම කතෝලික සභාවට පවරා ගැනීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනි.

ලෙල්ලම යනුවෙන් ජනප්‍රිය වී ඇති මීගමුව ධීවර වෙළෙඳ මධ්‍යස්ථානයේ දේපල පරිපාලනය සහ කළමනාකරණය පිටිපන එක්සත් ධීවර සමිතියෙන් ඉවත් කර භාරකරුවෙකු වෙත පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය පසුගියදා නියෝග කළේය.

ඒ, පිටිපන එක්සත් ධීවර සමිතියේ නිලධාරි මණ්ඩලයට එරෙහිව අගරදගුරු හිමිපාණන් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදීය.

මීගමුව පිටිපන ලෙල්ලම, කොළඹ අගරදගුරු පදවියට පවරා ගැනීමට විරෝධය පළ කිරීම සඳහා එහි ධීවර ධීවරයෝ කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති කාර්යාලයට පැමිණ සංදේශයක් බාරදුන් අතර, එය වතිකානුවට ඉදිරිපත්කරනා ලෙස ඕවුහු ඉල්ලා සිටිහ.

අනතුරුව කොළඹ, අගරදගුරු නිල නිවස ඉදිරිපිටට පමිණි ඕවුහු එහිදී කොළඹ අගරදගුරු හිමිපාණන්ට දැඩි විරෝධයක් එල්ල කළහ. වසර 65 ක් තමන් සතුව තිබූ ලෙල්ලම කොළඹ අගරදගුරු පදවියට පවරා ගැනීම ලැජ්ජා නැති වැඩක් ලෙස දැක්වූ විරෝධතා කරුවෝ, වහාම ලෙල්ලම ධීවරයන්ට ලබාදෙන ලෙස බලකර සිටීහ.

”රට විනාශ කළ ඝෝඨාභය රාජපක්ෂ බලයට ගෙනාවේ කදිනල්, ඊට පස්සේ ”පුතානෝ” එක්ක දේශපාලනය කළා . මැරුණ එක කතෝලිකයෙක්ටවත් සාධා‍රණයක් උනේ නැත්තේ කාදිනල්ගේ දේශපාලනය නිසා. එයාට ඕන ලේ හොල්ලන්න” ඕවුහු පැවසූහ .

මීට අදාලව අගරදගුරු මැදුරෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

මීගමුව පිටිපන ලෙල්ලම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශ සහ අද දින පැවති විරෝධතාවය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැදුර ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කර තිබුනි .

එහි දැක්වෙන්නේ අද දින පැවති විරෝධතාවයට සම්බන්ධ වූ පිරිස් පිටිපන ලෙල්ලම සම්බන්ධයෙන් අසත්‍ය පවසමින් ධීවර ප්‍රජාව සහ මහජනතාව මුළා කිරීමට උත්සාහ දරන බවය.

වසර ගණනාවක් පුරාවට පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතිය යැයි කියාගන්නා පුද්ගලයින් කිහිපදෙනෙකු පමණක් භුක්ති විදින මෙම දේපළ සම්බන්ධයෙන් නඩු පවරන ලද්දේ එහි ආදායම තමන්ට පෞද්ගලිකව භූක්තිවිඳීමට නොව පුළුල් ධීවර පිරිසකට හිමිකරදීමේ අදහසින් බවද අගරදගුරු මැදුර නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!