මේ මස පොහොය දින දෙකක් යෙදීම සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මත පළ වෙමින් පවතින පසුබිමක, ඒ පිළිබඳව මහා සංඝරත්නය ගනු ලබන තීරණවලට සියලු දෙනා අවනත විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය .
ඔහු මේ ලෙස පැවසූවේ මේ මස යෙදී ඇති පොහොය දින සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි . බෞද්ධයන් ලෙස මහා නායක හිමිවරුන්ගේ මඟපෙන්වීම් ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතු බව ඔහු අවධාරණය කළේය .
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙලෙස පැවසීය .
“මහා නායක හාමුදුරුවරු කියන එක අපි පිළිගන්න ඕනේ. හරි හෝ වැරදි අපිට ඒක ප්‍රශ්න කරන්න බැහැ. මහා නායක හාමුදුරුවරු එක තීරණයක් අරන් තියෙනවා නම් අපි ඒකට අවනත වෙන්න ඕනේ.අපි සාමාන්නයෙන් වෙනදා කරන විදිහටම මේ පාරත් වෙසක් කරනවා.”