වර්තමානය වන විට හෙද හෙදියන් 43,553 දෙනෙකු මෙරට සෞඛ්‍ය සේවාවේ නිරත වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය . එම ප්‍රමාණය සමස්ත සෞඛ්‍ය කාර්යය මණ්ඩලයෙන් 30%ක ප්‍රතිශතයක් වූවද සෞඛ්‍ය සේවාවට අවශ්‍ය හෙද හෙදියන් ප්‍රමාණය මෙතෙක් සම්පූර්ණ වී නොමැති බව ඔහු වැඩි දුරටත් පැවසීය .
සිසු හෙද පුහුණුව සඳහා 2918 දෙනෙකු බඳවා ගැනීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (14) පැවති උත්සවයට එක්වෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.