සිනොපෙක් ඉන්ධන මිල අඩුකරනවාට සිපෙට්කෝ හරස් වෙයි.

තෙල් සංස්තාවේ මිල ගණන් වඩා සෑම වර්ගයකම ඉන්ධන ලීටරයක් රුපියල් තුනක් මිල අඩුවෙන් අලෙවි කිරීමට සිනෝපෙක් සමාගම ඛණිජතෙල් සංස්ථාවෙන් කළ ඉල්ලිමට එම සංස්ථාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතිබව වාර්තාවේ.

සිනොපෙක් සමාගමට ඉන්ධන පිරවුම්හල් 150 පවරා දී ඇති අතර, තවත් පිරවුම්කල් 50 ආරම්භ කිරීමටද එම සමාගමට අවසර ලබාදි ඇත.

සිනෝපෙක් සමාගම සිය පළමු ඉන්ධන තොගය මෙරටට ගෙන්වා ගබඩා කර ඇති අතර ඉදිරි දින කිහිපය ඇතුළත ඔවුන් සිය ඉන්ධන අලෙවි කිරීම ආරම්භ කිරීමට නියමිතය.

ඉතා කෙටිකලක් තුළ ආර්.එම් පර්ක් සහ යුනයිටඩ් පෙට්‍රොලියම් සමාගම්ද මෙරට ඉන්ධන අලවියට එක්වීමට නියමිත අතර ඒ සමගම දේශීය වෙලඳපොළේ ඉන්ධන මිල තව දුරටත් පහත වැටෙනු ඇතිබව වෙළඳපොළ ආරංචි මාර්ග පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *