මෝටර් රථ ක්‍රීඩාව සඳහා වන ජාතික සංගමය වන ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ කටයුතු කර තිබේ.
එයට අදාළව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇති අතර, තාවකාලිකව සංගමයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා 07 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අමාත්‍යවරයා එමඟින් පියවර ගෙන ඇත.
එහි සභාපතිවරයා ලෙස මහේෂ් ගම්මන්පිල කටයුතු කරන අතර, ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන්නේ මේජර් ජනරාල් ඉඳුනිල් රණසිංහ ය.
එසේම, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා නිළවරණය පැවැත්වීම සඳහා වන නියෝග කිහිපයක්ද අදාළ ගැසට් පත්‍රයේ වැඩිදුරටත් දැක්වෙනවා.