සබරගමු ආණ්ඩුකාර ධුරය අලුත් වෙයි.

සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ නවීන් දිසානායක මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ එම දිවුරුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ .

සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මීට පෙර කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම ආණ්ඩුකාර ධුරය ජනාධිපතිවරයා විසින් නවීන් දිසානායක මහතාට ලබා දී තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *