ජනාධිපති අනුර කුමාර දිසානායක පළමු වතාවට සම්පූර්ණ යුරෝපීය ඇදුමින් සැරසී නිල උත්සවයක සහභාගී වී තිබේ.
ඒ චීනයේ නිල සංචාරය අතරවාරයේදී චීන ජනාධිපති ෂී ජින් පින් සමග මේ වන විට පැවැත්වෙමින් තිබෙන හමුව සදහාය
දශක දෙකකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අනුර කුමාර දිසානායක කිසිදු දිනෙක යුරෝපීය ඇදුමින් හෝ ජාතික ඇදුමින් සැරසී පාර්ලිමේන්තුවේ කටයුතු සදහා සහභාගී වූයේ නැත.
ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව මීට පෙර ඉන්දියාවේ නිල සංචාරයක නිරතවූ අතර එහිදී ජනාධිපතිවරයා ඇද සිටියේ කුරුතා කමීසයකි. පාර්ලිමේන්තු සැසිවාර සදහාද ඔහු පැමිණියේ එවැනි ටියුලිප් කොලරය සහිත කමීසයකින් සැරසීය.
යුරෝපීය ඇදුමකින් සැරසී මෙවැනි නිල කටයුත්තක් සදහා ඔහු සහභාගී වූ පළමු අවස්ථාව බවට මෙය පත්වෙයි.




