ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සම්පූර්ණ රාජ්‍ය හිමිකාරිත්වය රඳවා ගනිමින් එය යළි නඟාසිටුවීම වෙනුවට රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් වෙත යොමු වීමට රජය තීරණය කර ඇතිබව ගුවන්සේවා අමාත්‍ය අනුර කුමාරණාතිලක පවසයි.
එමෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා නව සභාපතිවරයකු සහ ප්‍රධාන විධායක නිලධාරියකු කඩිනමින් පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇතිබවද ගුවන්සේවා අමාත්‍යවරයා සඳහන් කළේය.
නව ප්‍රධාන විධායක නිලධාරියා පත් කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් දැනටමත් ඇගයීමට ලක් කර ඇති බව ද ඔහු පැවසීය .
ශ්‍රීලන්කන් ගුවන් සේවය මේ වන විට සභාපතිවරයකු සහ ප්‍රධාන විධායක නිලධාරියකු යන දෙදෙනාම නොමැතිව ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළේය .