වික්ටෝරියා වේ ජලය ලීටර් මිලියන 03 දෛනිකව වාෂ්ප වෙයි

පවතින අධික වියළි කාලගුණික තත්ත්වයත් සමඟ වික්ටෝරියා ජලාශයේ ජලය ලීටර් මිලියන තුනක් දෛනිකව වාෂ්ප වන බව එහි කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය ප්‍රකාශ කරයි.

මේ වන විට ජලාශයේ පිරී තිබෙන වර්ග කිලෝ මීටර් 11 ක් වපරිසයෙන් යුත් පෘෂ්ඨයේ මිලි මීටර් 05ක් උසට ඇති ජල ප්රමාණය දෛනිකව වාෂ්ප වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වික්ටෝරියා ජලාශය පිරී තිබෙන ජල පරිමාවෙන් මිලී මීටර් දෙකක පමණ උසට ඇති කොටසක් සාමාන්‍යයෙන් වාෂ්ප වන බවත් පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ එම ප්‍රමාණය මේ වනවිට දෙගුණයකටත් වඩා ඉහළ ගොස් තිබෙන බවත් කාර්යභාර ඉංජිනේරුවරයා අවධාරණය කළේය.

ජර්මනිය, ප්‍රංශය, කොරියා, චීනය වැනි රටවල් ජලය මත පාවන සූර්ය පැනල සවි කිරීම මගින් මෙම වාෂ්ප වන ජල ප්‍රමාණය අඩුකර ගැනීමට පියවර ගෙන තිබෙන බවත් ඊට අමතරව ඔවුන් එමඟින් අමතර විදුලි නිෂ්පාදනයක් ද සිදු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

ජලාශය මත සූර්ය පැනල එලීම මගින් ජලයේ සිටින මත්ස්‍යයින්ට ද හිතකර පරිසරයක් නිර්මාණය වන්නේ යැයි ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *