වයඹදිග පකිස්ථානයේ දේශපාලන රැලියක බෝම්බ පිපිරීමක්

ඉරිදා ඇෆ්ගනිස්ථානයට මායිම් වන වයඹ දිග බජුර් දිස්ත්‍රික්කයේ දේශපාලන සහ මුස්ලිම් නායකයෙකුගේ ආධාරකරුවන් විසින් පවාත්වමින් තිබූ රැලියකට එල්ල්වූ බෝම්බයක් ප්‍රහාරයයෙන් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට මළ සිරුරු 35 ක් රෝහලට ගෙන ආ අතර තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන විට 150 ට වඩා වැඩි බව වාර්තා වෙයි .

බජුර් දිස්ත්‍රික්කයේ රජයේ පරිපාලක මොහිබුල්ලා ඛාන් යූසුෆ්සායි විසින් මරණ සහ තුවාල කරුවන්ගේ සංඛ්‍යාව තහවුරු කරන ලද අතර, බරපතල තුවාල ලැබූවන් වඩා හොඳ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පළාත් අගනුවර වන පෙෂාවර් වෙත ගුවන් මගින් ගෙන යන බව පැවසීය.

ප්‍රහාරයේ වගකීම කිසිවකු වහාම භාරගෙන නැත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *