ඉදිරි සතිය තුළදී චීනය සමග ගිවිසුම් හතක් අත්සන් කිරීමට ආණ්ඩුව සූදානම් වේ.
චීන සංචාරය අතරවාරයේදී මෙම ගිවිසුම් හතට එළඹීමට නියමිතව ඇත.
ආයෝජන, බලශක්ති, අධ්‍යාපන, සංචාරක, කෘෂිකර්ම, තාක්ෂණ, ධීවර ක්ෂේත්‍රයන්ට අදාල අවභෝධතා ගිවිසුම් හතක් මෙලෙස අත්සන් කිරීමට නියමිතව ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග අනාවරණය කරයි.
ජනාධිපතිවරයා ලබන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා චීනයේ සංචාරය කරන අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකගතාවයන්ට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබදව මෙහිදී චීන නියෝජිතයින් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමටද නියමිතය.
ජනාධිපතිවරයා සිය චීන සංචාරය අතරවාරයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මෙන්ම, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයින්ද හමුවීමට නියමිතව තිබේ