ලූලා ද සිල්වා ශ්‍රී ලංකාවට.

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස කළ ඉල්ලීම බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා පිළිගෙන ඇතිබව බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි .

බ්‍රසීල විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා සහ පැසිෆික් කලාපයේ ලේකම්, තානාපති එඩුවාඩෝ පේස් සබෝයා පසුගිය සතියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති 76 වැනි නිදහස් දින උත්සවයේදී මේ බව සඳහන් කළ බව එම නිවේදනය වැඩි දුරටත් සඳහන් කරයි.

”බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට දැඩි උනන්දුවෙන් සිටිනවා, මේ වසර දෙරටේ සබඳතා ඉහළ නැංවෙන වසරක් වෙනු ඇති” යනුවෙන් එඩුවාඩෝ පේස් සබෝයා පවස ඇත.

2023 දෙසැම්බරයේ COP28 උත්සවයට සමගාමීව ශ්‍රී ලංකාවේ සහ බ්‍රසීලයේ නායකයින් ඩුබායිහිදී මුණගැසුන බවත්, 2024 දී දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගීතාවයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට තවත් අවස්ථා ලැබෙනු ඇති බවත් එම නිවෙදනය වැඩි දුරටත් සඳහන් කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!