මැතිවරණ දෙකක් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්.

ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය (PMD) ඉදිරි මැතිවරණ පිළිබඳව ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කළේය.

එම නිවේදනයට අනුව නියමිත කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය.

එමෙන්ම 2025 දී මහ මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, මහ මැතිවරණය සඳහා මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැයෙන් සම්පාදනය කරන බවත් PMD වැඩිදුරටත් සඳහන් කළේය.

ඡන්ද විමසීම පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසම සතු බව එම නිවේදනය මගින් අවධාරණය කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!