ලිංගික දසුන් චීනයට විකුණා ඩොලර් සෙවූ යුවල දෙකක් මාට්ටු

අන්තර්ජාලය හරහා ලිංගික දර්ශන සජීවීව චීන සමාගමකට යොමු කිරීමේ ජාවාරමක නිරත තරුණ අඹුසැමි යුවළ දෙකක් පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල, බටකැත්තර ප්‍රදේශයේ කුලී නිවසක පදිංචි තරුණ අඹු සැමි ජෝඩු දෙකක ක්‍රියාකලාපය සැක සහිත බවට පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත ඔවුන් ජීවත් වූ නිවස වැටලීමෙන් පසු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවස පරීක්ෂා කරන අවස්ථාවේ දී අන්තර්ජාලය හරහා අසැබි ලිංගික වීඩියෝ දර්ශන රූපගත කිරීම සදහා යොදාගත් තාක්ෂණික උපකරණ සහ ඇස් ආවරණ සහිත වර්ණ වෙස් මුහුණු ඇතුළු වෙනත් ද්‍රව්‍යයන් රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන්ගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා ඇත්තේ වෙනත් රැකියාවක යෙදී මේ ආකාරයෙන් මුදල් සෙවීමට නොහැකි නිසා දවසේ වැඩි වේලාවක් සජීවී ලිංගික දර්ශන අන්තර්ජාලය හරහා මුදා හැරීම මගින් ඔවුන් මුදල් ඉපයීමට යොමු වූ බවයි.

මොවුන් විසින් එම සජීවී දර්ශන අන්තර්ජාලයට යොමු කිරීම මඟින් සතියකට ලක්ෂයකට අධික මුදල් උපයා ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ සැකකාරියන් 22,23,26,27 යන වයස්වල පසුවන බවයි වාර්තා වන්නේ.

එම සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!