‘Peace Ark’ සුව සේවා නෞකාව නුදුරේදී ශ්‍රී ලංකාවට

චීන නාවික හමුදාවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව ‘සහජීවන මෙහෙයුම-2024’ ආරම්භ කර තිබෙනවා.

ඊයේ (16) පෙරවරු 10 ට චජියැං පළාතේ චොව්ශාන් නුවර පිහිටි හමුදා වරායකින් එම නෞකාව පිටත් වූ බව එරට මාධ්‍ය පවසනවා.

මෙවර මෙහෙයුමේ දී එම නෞකාව ශ්‍රී ලංකාව, සීෂෙල්ස්, ටැන්සානියාව, මැඩගස්කරය, දකුණු අප්‍රිකාව සහ ඇන්ගෝලාව ඇතුළු රටවල් 13 ක චාරිකා කරමින් විවිධ මානුෂීය වෛද්‍ය සේවා සැපයීමට නියමිතයි.

‘Peace Ark’ නෞකාව මෙවර චාරිකාව අතරතුර ප්‍රංශය හා ග්‍රීසිය යන දෙරට නිල සංචාරයකට එක්වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!