ලංකාවේ තෙවැනි ජාතික රෝහල බවට පත් කරන රෝහල

කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව අද (23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

මේ වනවිට කොළඹ සහ මහනුවර ජාතික රෝහල්වන අතර මෙරට තෙවැනි ජාතික රෝහල බවට කරාපිටිය පත්වනවා.