යුපුන්ගේ ඔලිම්පික් යෑම දැඩි අභියෝගයක – එන ඉරිදා හරිම වැදගත් දවසක්

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් දිවයිනට ළගා වන බව වාර්තා වනවා.

ඒ,කොළඹ සුගතදාස පිටියේදී ආරම්භ වන 102 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවීම සදහායි.

මීටර් 100 (පිරිමි) ඉසව්වට තරග වැදීම සදහා ඔහු දිවයිනට ළගා වන අතර කොළඹදී ජාතික තරගාවලියට ඔහුගේ සහභාගිවීමේ ප්‍රධානතම අරමුණ වන්නේ 2024 පැරිස් ඔලිම්පික් උළෙල සදහා එකී ඉසව්වෙන් නිර්දේශ ලබා ගැනීමේ තවත් උත්සාහයක නිරතවීමය.

කෙසේවුවත් කොළඹට පැමිණෙන ඔහු ඉරිදා සූදානම් කර තිබෙන විශේෂ තේරීම් තරගාවලියටත් සහභාගිවීමට තීරණය කර තිබෙනවා.

මෙම තේරීම් තරගාවලියේ සුවිශේෂී වැදගත්කම වන්නේ එය පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උත්සාහ දැරිය හැකි අවසන් තරග අවස්ථාව බවට පත්වීමයි. එසේම මෙම දිනය ලොව පුරා මලල ක්‍රීඩාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිර්දේශ ලබා ගැනීමට ලැබෙන අවසන් දිනයයි.

යුපුන් අබේකෝන් මෙරට තරගාවලියකට සහභාගි වන්නේ 2019 න් පසුවයි.

කෙසේවුවත් යුපුන් කොළඹට ළගා වන විට ලෝක ශ්‍රේණිගත කිරිම් අනුව මිටර් 100 (පිරිමි) ඉසව්වෙන් පසුවන්නේ 78 වැනි ස්ථානයේයි.පැරිස් ඔලිම්පික් සදහා එහිදී සුදුසුකම් ලේඛනයෙන්, පංගු (වයිල්ඩ් කාඩ්) ක්‍රමයෙන් හා ප්‍රසාද ලකුණු යන ක්‍රම තුනෙන්ම තෝරා ගන්නේ ක්‍රීඩකයන් 56 දෙනෙකු පමණි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!