තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතාට රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා දී තිබෙනවා.

වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙලෙස දිවුරුම් දී තිබෙනවා.