මාලිමා මන්ත්‍රීගේ රියේ හැපී දෙදෙනෙකුට තුවාල .

ජාතික ජන බලවේගය නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර ගමන් කරමින් තිබූ කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව ඇත.

දුංහේන ප්‍රදේශයේදී පස්වරු 2.00 ට පමණ මෙම සිදුවීම වාර්තා වී තිබේ. අනතුර හේතුවෙන් ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කරමින් සිටි අට හැවිරිදි පිරිමි දරුවෙක්ද තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයට අයත් එකක් බව කියන මෙම කැබ් රථයේ, පිටිගල දෙසින් ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථය ගැටී තිබේ. සිද්ධියට අදාළව කැබ් රථය පැදවූ රියදුරු සහ එම වාහනය පොලිස් භාරයට ගෙන තිබේ.