මාධ්‍යවේදියාගේ මූලික අයිතිවාසිකම් පොලිසිය උල්ලංගණය කළ බව අධිකරණය තීන්දු කරයි

මාධ්‍යවේදි තිළිණ රාජපක්ෂ නැමැත්තාට බැනවැදි පහරදි අමානුශිය සැලකිම්වලට භාජනය කිරිම තුලින් අලව්ව පොලිසියේ නිළධාරින් තුන්දෙනෙකු ඔහුගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තින්දු කළේය.

මීට අදාලව තිළිණ රාජපක්ෂ විසින් ගොනුකල මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (22) විභාගයට ගැනිමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන,සම්පත් අභයකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරිම වෙනුවෙන් වරදකරුවන් කෙරුණු එවකට අලව්ව පොලිසියේ සැරයන්වරුන් ලෙස කටයුතු කල රවින්ද්‍ර කුමාර, බී.එම්.එස්.එස් විජය බණ්ඩාර හා පොලිස් කොස්තාපල් ජයසුන්දර යන නිලධාරින් සිය පුද්ගලික මුදල් වලින් රුපියල් 25,000 බැගින් රුපියල් 75,000ක මුදලක් පෙත්සම්කරුට ගෙවනා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකාර පොලිස් නිළධාරින්ට නියෝග කළේය .

ඊට අමතරව එම පොලිස් නිලධාරින්ගේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් පවත්වා චෝදනා ගොනුකිරිමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස නීතිපතිවරයාට නියෝගක්ද ශ්‍ර්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය .