මාධ්‍ය ආයතන දෙකකට ඇමති බිමල්ගෙන් බරපතල චෝදනා .

යම්කිසි වැරැද්දක් සිදුවූ විට එය ශිෂ්ඨ සම්පන්න ක්‍රමයකට විසඳීමට ලබා නොදෙන මාධ්‍ය ආයතන දෙකක් සිටින බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි .

වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූවේ එම මාධ්‍ය ආයතන දෙක දිගින් දිගටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විරුද්ධව කටයුතු කරමින් සිටිනා බවය . ඉන් එක් මාධ්‍ය ආයතනයක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධව සිය ගුවන් කාලයෙන් 77%ක්ද, අනෙක් මාධ්‍ය ආයතනය 80%ක්ද වෙන් කර තිබූ අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය .

ජාතික අධ්‍යාපන ආයතනය මඟින් අධ්‍යාපන මොඩියුල සම්බන්ධව යම්කිසි වැරැද්දක් සිදුවූ බව තමා පිළිගන්නා බවත්, එම වැරදි ශිෂ්ඨ සම්පන්න ලෙස විසඳා ගැනීමට ලබා නොදෙන මංමුලා වී ඇති විපක්ෂයක් සහ ඒ මත්තේ නැසෙන ඉතාම නරක ආකාරයෙන් කටයුතු කරන මාධ්‍ය ආයතන 2 ක් ඇති බවත් ඔහු චෝදනා කරයි .