හෝමාගම ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර මියගිය, සරසවි සිසුවාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19 ක සිසුවෙක් වන අතර ඔහු වැල්ලව නිකදළුපොත ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව වාර්තා වේ.
පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රී මෙම සාදය පවත්වා තිබූ අතර එහිදී බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ගැටුමක්ද හට ගෙන තිබුණි.
කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට එම විශ්වවිද්‍යාලයේම සිසුන් 5දෙනෙකු හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත .