මත්පැන් නිෂ්පාදන සමාගම්වලට අවසන් නිවේදනය නිකුත් කරයි .

රජයට ගෙවිය යුතු සුරා බද්ද සහ සෙසු සියළු බදු මේ මස අවසන් වීමට පෙර ගෙවා නිමකර්නා ලෙස මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත මුදල් අමාත්‍යාංශය අවසන් නිවේදනය නිකුත් කර තිබේ.

මේ පුවත තහවුරු කරමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ, පැහැර හරින ලද සියලුම බදු ගෙවන ලෙස මත්පැන් නිෂ්පාදකයින්ට අවසන් නිවේදන නිකුත් කර ඇති බවයි.

වසර දහයකට ආසන්න කාලයක් බදු ගෙවීම පැහැර හරිනා ලද සමාගම් තිබෙනා බවත්, ඒ සියළු බදු අය කර ගැනීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය. කිසිදු පාර්ශවයකට මින් ඉදිරියට බදු සහන ලබාදීමට කිසිදු පියවරක් නොගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

මත්පැන් නිශ්පාදන සමාගම්වලින් නියමිත පරිදි බදු අයකර ගැනීම සහ පාරිභෝගික ආරක්ෂාව සඳහා හඳුන්වා දී ඇති ආරක්ෂිත ස්ටිකරය පවා ව්‍යාජ ලෙස සකස්කර ඇලවිමට මත්පැන් සමාගම් කටයුතු කරනා බව මීට පෙර සිදුකරනා ලද පරීක්ෂණයන්ගෙන් තහවුරුව ඇත.

රුපියල් බිලියන 1,4 බදු මුදලක් ගෙවිමට තිබූ ග්ලෝබ් සහ වයඹ ඩිස්ටිලරීස් යන සමාගම් තිබූ තැනක්වත් සොයාගැනීමට නොහැකිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨළී චම්පික රණවකගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදි අනාවරණය විය. එම කාරක සභාවේ නියමය පරිදි ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් දඩමුදල් ලෙස පමනක් පසුගිය මාසයේදී රුපියල් මිලියන 100 කට වැඩි මුදලක් අය කර ගැනීමට සුරාබදු දෙපාතමේන්තුව සමත්ව ඇත

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *