විවිධ පටු අරමුණු සහිත භික්ෂූන් වහන්සේලා සුළු පිරිසක් කරනා දේ පිළිබඳව රජය එතරම් සැලකිල්ලක් නොදක්වන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසීය .
එම භික්ෂූන්වහන්සේලා විවිධ දේවල් සහ විවිධ ප්‍රකාශ විටින් විට සිදු කරන බවත්, රජයක් ලෙස එවැනි දේවල් එතරම් සැලකිල්ලට නොගන්නා මුත් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් තම රජය ඉතා විශාල වැඩකොටසක් කරනා බව ඔහු පැවසීය
වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ ලෙස පැවසීය.
“දන්ත ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරන්න අපි ආරම්භයේදීන් පියවර ගත්තා. ඒ වගේම මෑතකදීත් අපි බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වැඩම කරලා මේ රටේ බෞද්ධ ජනතාවට වැඳ පුදා ගන්න අවස්ථාව සලසා දුන්නා. ඒ වගේම වෙහෙර විහාරස්ථානවල අපේ හාමුදුරුවන් වහන්සේලාගේ සුභසාධන සම්බන්ධයෙන් අපි විශාල මැදිහත්වීමක් වෙනවා. රජයක් විදිහට අදත් මේ කැබිනට් පත්‍රිකාවක් තියෙනවා ඒ හාමුදුරුවන් වහන්සේලාගේ දෙමව්පියන්ට නිවාස හදලා දෙන්නත් කියලා. ඉතින් රජයක් විදියට අපේ රටේ බෞද්ධ දර්ශනය, බෞද්ධාගම සඳහා විශාල මැදිහත්වීමක් කරනවා. ඔය විවිධ පටු අරමුණු සහිත සුළු පිරිසක් කරන දේවල් අපි එච්චර සැලකිල්ලට ගන්නේ නෑ…”
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය .