රුපියල් බිලියන දහයක පමණ මැණික් ඇති බවට හඳුනාගෙන ඇති මොණරාගල කුඹුක්කන් ඔය ආශ්රිත ජලාශයට යටවන භූමියේ කැණීම් කටයුතු ආරම්භ කිරීම තව දුරටත් පමාවන බව වාර්තා වේ . එම ප්‍රදේශයේ කැණීම් සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය අත්‍යාවශ්‍ය වන අතර මේ දක්වා එම දෙපාර්තමේන්තුව ඊට සිය එකඟතාවය පලකර නැති බව වාර්තා වේ .
මෙම භූමියේ මැණික් පවතින බව අනාවරණය කර ගැනීමට හැකි වී ඇත්තේ රුපියල් හත් ලක්ෂ පනස් දහසක් පමණක් වැය කරමින් 2021 වසරේ දී කළ ව්‍යාපෘතියක් මගිනි . එම වසරේ දී කැරට් හයසියයක පමණ මැණික් හමු වී තිබිණි. අවම බලපෑමක් යටතේ කැණීම් කර මැණික් ඉවත් කර ගත හැකි ඉල්ලම් සහිත ස්ථාන ද මේවන්ම විට හඳුනාගෙන තිබේ.
එහෙත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ එකඟතාව නොලැබීම මත එම කැණීම් කටයුතු නතර කිරීමට අධිකාරියට සිදු විය . එම ප්‍රදේශය ආශ්‍රිතව රුපියල් බිලියන දහයක පමණ මැණික් ඇති බවට හඳුනා ගැනීම නිසා දෙවන වරටත් කැණීම් සඳහා අවසරය ඉල්ලා ඇතත් මේවන තුරු එය ලැබී නැතිබව ජාතික විගණන කාර්යාල ආරංචි මාර්ග පවසයි .
අධිකාරියේ ඉල්ලීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව එකඟ නොවුව ද එම කාලයේ සිට ම එම ප්‍රදේශය ආශ්‍රිතව විශාල වශයෙන් අනවසර කැණීම් සිදු වන බව වාර්තාවේ .