බැසිල්ට වරෙන්තු .

අධිකරණ වාර මඟහරිමින් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව සහ මාතර මහේස්ත්‍රාත් අධිකරණ මඟින් වරෙන්තු නිකුත් කර ඇත.

මාතර එළියකන්ද පාරේ පිහිටි රුපියල් මිලියන ගණනක් වටිනා ඉඩමක් අයථා මුදල්වලින් මිලදී ගැනීම සහ 2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8ක් වැයකර මැතිවරණ ප්‍රචාරක ටී-ෂර්ට් මුද්‍රණය කිරීම යන චෝදනා මත CID සහ FCIDය ගොනුකළ නඩු දෙකක් කැඳවූ අවස්ථාවේදී සැකකරු අධිකරණයේ පෙනීනොසිටීම නිසා මෙම වරෙන්තු නිකුත් කෙරිණි.

නඩු විභාගයන්හිදී සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, තම සේවාදායකයා බරපතළ ලෙස රෝගාතුරව විදේශගතව සිටින බවයි. එමෙන්ම ඔහු රගෙන ඒමේ අවධානම බාර ගැනීමට කිසිම ගුවන් සමාගමක් එකංගව නැතිබවත් ඔහු පැවසීය .