බන්ධිත ගුදමක අවම ඉඩ වැඩි කරන්න අනුමැතිය

රේගු ආඥාපනතේ 69 වන වගන්තිය යටතේ සකස් කරනු ලැබ ඇති “පොදු රේගු බන්ධිත ගුදම් නියම කිරීම සඳහා වන සංශෝධිත හා යාවත්කාලීන කළ ප්‍රතිපත්ති රාමුව” ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ ගුදම් පහසුකම් තාක්ෂණයන්ගේ ඇති වී තිබෙන දියුණුව සහ සැපයුම් දාම ක්‍රියාවලිය තුළ, තරගකාරී වාසිය ඇති කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, පොදු රේගු බන්ධිත ගුදමක අනිවාර්ය අවම ඉඩ ප්‍රමාණය සංශෝධනය කළ යුතු බවට හඳුනාගනු ඇති බැවින් බවයි එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

ආනයනික භාණ්ඩ සඳහා අදාළ වන බදු ගෙවීමට හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට පූර්වයෙන් භාණ්ඩවල සුරක්ෂිතතාව හා ගුණාත්මක බව තහවුරු කිරීම සඳහා වන ගබඩා පහසුකම රේගු බන්ධිත ගුදමක් ලෙස හඳුන්වනු ලබන අතර (235 වන අධිකාරය වූ) රේගු ආඥාපනතේ 69 වන වගන්තියෙහි විධිවිධාන යටතේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත මුදල් විෂය භාර අමාත්‍යවරයාට රේගු බන්ධිත ගුදම් නියම කිරීම සිදු කළ හැකියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!