පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණය අත්තනෝමතික සහ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් පවසයි .
මෙම වැඩ තහනම ප්‍රජාතාන්ත්‍රවාදයේ මූලික සිද්දාන්ත උල්ලංඝණය කිරිමක් බවත්, එබැවින් මේ අසාධාරණ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කරනා බවත් ඔහු සිය ‘X’ පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරයි .
ඕනෑම පුද්ගලයෙකු යම් දඬුවමකට යටත් කිරීමට පෙර තමාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පර්ලිමේන්තු න් ඉයෝජ්‍ය මහලේකම්වරයාට අහිමිකර ඇතිබව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ට්විටර් පණිවිඩයේ පෙන්වාදී ඇත .
නියෝජ්‍ය මහ ලේකම්වරයාගෙන් කිසිදු කරුණු විමසීමකින් තොරව මෙලෙස සේවය අත්හිටුවීමට පියවර ගැනීම බරපතළ ගැටලුවක් බව ඔහු වැඩි දුරටත් පවසයි .