පහන් කූඩුව රකින්න ගිය සිරකරු හොරෙන්ම පැන ගිහින්

මොනරාගල බන්ධනාගාරයේ සිරකරුවකු ඉකුත් (25) වෙනිදා පළා ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

වැඳි කුඹුර වෙසක් කලාපයේ පහන් කුඩුවක් නිර්මාණය කර එය මහජනතාව වෙත ප්‍රදර්ශනය කරන ස්ථානයේ පහන් කූඩුව ආරක්ෂා කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් අදාළ සිරකරු යොමු කර තිබෙනවා. එම අවස්ථාවේ දී ඔහු පළා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස පළාගොස් ඇත්තේ සොරකමක් සම්බන්ධයෙන් අවුරුදු දෙකක සිරදඬුවමක් ලබමින් සිටි වැල්ලවාය බතලආර නුගේඇල පදිංචි මංජුල සම්පත් බණ්ඩාර (30) නැමැති සිරකරුවෙක්.

පැනගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මොණරාගල පොලිසිය විමර්ශන කටයුතු සිදු කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!