දේශපාලන පක්ෂවල දූෂණ වළක්වා ලබන වසරේ ජනපතිවරණයක් සහ මහ මැතිවරණයක් තියනවා

දේශපාලන පක්ෂවල දූෂණය වැළැක්වීම සඳහා අද (ඔක්. 23) දින කොමිසමක් පත්කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

‘ස්මාර්ට් රටක් – ජය ගනිමු 2048’ යන තේමාව යටතේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගිය දා (21) සංවිධානය කර තිබූ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන වසරේදී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ද ඔහු ප්‍රකාශ කළේය.

2025 මුල් භාගයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වනු ඇතැයි පැවසූ ජනාධිපතිවරයා එම සියලු මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් කරන බව සඳහන් කළේ ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *