දුම්රිය හා බස් ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේත ක්‍රමයක්

දුම්රිය හා බස් මගීන් සඳහා ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් ඉදිරියේදී හඳුන්වා දෙන බවත් එම වැඩපිළිවෙළ මේ වසර තුළදී ක්‍රියාත්මක කරන බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි

ඇතැම් බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් නියමිත මගී ප්‍රවාහන ගාස්තු ඩිපෝ වෙත ලබා නොදෙන බවත් මෙම තත්ත්වය
දුම්රිය තුළ ද සිදු වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන් අතර එම නිසා නව තාක්ෂණය ඇතුළත්ව QR ක්‍රමයක් හරහා ප්‍රවේශ පත්‍රය තමන්ටම ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇති කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *