තවදුරටත් උදවු කරන්න ජපාන විදේශ අමාත්‍යවරිය ලංකාවට

දෙදින නිළ සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය වන යොකෝ කමිකාවා මහත්මිය අද (04) දිවයිනට පැමිණියා.

ජපානයේ සහයෝගය තවදුරටත් ලබා දීම මෙම සංචාරයේ අරමුණ වී තිබෙන අතර ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මෙරට නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!