තරුණිය පොලිසිය සමග හොරා පොලිස් සෙල්ලමක – අවසන් වුණේ මරණයෙන්

හෝමාගම, හිරිපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු සමග මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණියක් පොලිසිය පැමිණෙන අවස්ථාවේ දී නිවසේ ඉහළ මහලෙන් පැන පළායාමට උත්සාහ කිරීමේ දී තාප්පය මතට වැටී තිබෙනවා.

එහි දී තාප්පයේ තිබූ යකඩ කූරු ඇයගේ උදරයේ ඇනී බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, පහළ බෝපේ, කුරුන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියක්.

හෝමාගම, හිරිපිටිය, බෝගහවිල ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු සමග මෙම තරුණිය අයිස් මත්ද්‍රව්‍ය පානය කරන බවට පොලිසියට පැමිණිලි කර තිබුණේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුගේ බිරිඳ විසින්.

එම පැමිණිල්ලට අනුව හෝමාගම පොලිසිය එම ස්ථානය වෙත ගොස් පරීක්ෂා කිරීමේ දී අදාළ තරුණිය එලෙස ඉහළ මහලින් පැන පළා යාමට උත්සාහ කර ඇති බව වාර්තා වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!