ඩලස් අපේ කෙනෙක්, ඒත් නායකත්වයට සුදුසු රනිල්

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර රටේ ආර්ථිකය නැවත ගොඩනැගිය හැකි නායකයෙකු ලෙස ‍රනිල් වික්‍රමසිංහ තෝරා ගැනීම තමා ඇතුලු පොදුජන පෙරමුණු ආණ්ඩුව ගත් ඉතා නිවැරදි තීන්දුවක් බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසූවාය.

පසුගිය මයි 9 වනදායින් පසු උදාවූ තීරණාත්මක මොහොතේදී රටේ ඉදිරි අනාගතය සම්බන්ධ වැදගත් තීන්දුවක් ගැනීමට පාර්ලිමේන්තුවට සිදුවූ බවත්, එම අවස්ථාවේ රටේ වගකීම බාර ගන්නට දෙදෙනෙක් ඉදිරිපත් වුණ බවත් ඇය පැවසූවාය. ” එක්කෙනෙක් අපේ පක්ෂයේම මන්ත්‍රීවරයෙක් ඩලස් අලහප්පෙරුම. අනෙක් කෙනා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමන් එක්ක අපිට දේශපාලන කෝන්තරයක් තිබුණා. නමුත් ඒ වෙලාවේ ජාත්‍යන්තරය සමග ගණුදෙනු කරන්න පුළුවන් නායකයා ඔහු බව අපි සාකච්ඡා කරලා තීරණය කළා. එදා අපි පක්ෂයක් විදිහට ගත්ත නිවැරදි තීන්දුවේ ප්‍රතිඵල අද ඔබට දකින්න පුළුවන්” ඇමතිනිය වැඩි දුරටත් පැවසූවාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බේරුවල ආසන කාන්තා සම්මේලනය අමතමින් ඇය මේ බව පැවසුවාය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *