අමෙරිකා එක්සත් ජනපදය වෙත ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩ සඳහා පනවා ඇති තාවකාලික බදු අනුපාතය 15% දක්වා ඉහළ දැමිමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි . දැනට එම බද්ද පවතිනුයේ 10% ලෙසය.
පවතින නීතියට අනුව දින 150ක කාලයක් සඳහා මෙලෙස 15% දක්වා බදු පැනවීමට ජනාධිපතිවරයාට බලය පවතියි. ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු ඔහු විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම බදු පනවනු ලැබීය.