ජේතවනාරාමයේ අකුණු සන්නායකය උස්සන්න හැදූ “super star”ට වැඩ වරදී

ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කිරිමෙි සිද්ධියට සම්බන්ධ බව කියන රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට සහභාගී වී අවසාන කිහිපදෙනා අතරට තේරී පත් වූ ගායකයෙක් ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඊයේ (04) අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් සන්තකයේ තිබී අකුණු සන්නායකයේ ආරෝපණය පරීක්ෂා කරන කරන උපාංගයක්, නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන පහක් පොලිස්භාරයට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් ජේතවන ස්ථූපයේ කොත් කැරැල්ලේ සිට භූගත ස්ථරය දක්වා සවිකොට තිබෙන තඹ ලෝහයෙන් නිමැවුණු අකුණු සන්නායකයේ භූගත කොටසේ ඇති අකුණු තැන්පත් වන ලෝහමය කොටසේ පරමාණුක බලයක් සහිත කිසියම් රසායනික ද්‍රව්‍යයක් තැන්පත් වී තිබේදැයි පරීක්ෂා කිරීමට දා ගැබේ අකුණු සන්නායකය සවිකොට තිබෙන ස්ථානය අසලට යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙම අකුණු සන්නායකයේ ඇති යම් ආරෝපණයක්, යන්ත්‍රානුසාරයෙන් ලබා ගෙන එය රුපියල් කෝටි 500ක පමණ මුදලකට විකිණීමට සූදානම්ව සිට ඇතැයි පොලිසියට හෙළි වි තිබෙනවා.

සැකකරුවන් අතර සිටි ගායන ශිල්පියා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සෙසු සකකරුවන් මීරිගම, මහනුවර, වැල්ලව, පුත්තලම, යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!