ඝෝඨාට රට ගමන් තහනමක්

කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් අද (03) නියෝගයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ නඩු විභාගය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරිණි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශන කටයුතුවලට අදාළව මෙම විදෙස් ගමන් තනනම ක්‍රියාත්මක වෙයි