කොන්දේසි තුනකට යටත්ව පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් එකඟව අති බව විදෙස් මාධ්‍ය පවයි . සාමය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහ අදාළ පාර්ශවයන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දෙයො .
ඔහු ඉදිරිපත් කර ඇති කොන්දේසි වන්නේ,
ඉරානයේ නිත්‍යානුකූලව අයිතිවාසිකම් පිළිගැනීම එනම් ඉරාන පාලනයේ ස්වෛරීභාවය සහ අයිතීන් ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කළ යුතුයි.
සිදුවූ විනාශයන් වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ගෙවීමට පියවර ගැනීම.
අනාගතයේ මෙවැනි ආක්‍රමණ හෝ ප්රහාරයන් නැවත සිදුනොවන බව ස්ථිර ජාත්‍යන්තර ඇපකර සහ සහතිකයන් ලබාදීම.