කෙහෙළියට බරපතල සැත්කමක් .

පරි­සර ඇමැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ සමයේ ඔහුගේ පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ලයේ ලෙස සේවය කළ තැනැ­ත්තන් බව දක්වා බාහිර පුද්ග­ල­යන්ට වැටුප් හා දීමනා ගෙවන බව දක්ව­මින් එම මුදල් සිය බැංකු ගිණු­ම්ව­ලට බැර කර­ගැ­නීමේ චෝද­නාව යටතේ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ඇතුළු ඔහුගේ පවුලේ උද­වි­යට එරෙ­හිව ගොනු­කර ඇති නඩුව ඊයේ කැඳවනු ලැබීය .

එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වූ ඔහුගේ නීතීඥවරු තම සේවාදායකයා පිටකොන්දේ සැත්ක­ම­කට ලක්වීම නිසා නඩු විභා­ග­ය­කට මුහු­ණ­දී­මට තරම් ප්‍රමා­ණ­වත් සෞඛ්‍ය තත්ත්වයකින් නොසිටින බව වෛද්‍ය වාර්තා මගින් කොළඹ මහා­ධි­ක­ර­ණ­යට දැනුම් දී ඇත .

එම වාර්තා සලකා බැලූ කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු මොහො­මඩ් මිහාල් නඩුව පෙබ­ර­වාරි 13 දා කැඳ­වී­මට නියෝග කළේය.

හිටපු ඇමැ­ති­ව­ර­යාට අම­ත­රව ඔහුගේ පුත් රමිත රඹු­ක්වැල්ල, වැඩි­ම­හල් දිය­ණිය අමාලි රඹු­ක්වැල්ල හා සේවි­කා­වක වන නිපුණී ක්‍රිෂ්ණ­ජිනා නමැති තැනැ­ත්ති­යට විරු­ද්ධව මෙම නඩුව අල්ලස් හෝ දූෂණ කොමි­සම විසින් පවරා ඇත.

.